ට්විටර් පරිශීලකයන් මිලියන 200 කගේ පුද්ගලික දත්ත සොරාගනී

ලොව පුරා ට්විටර් පරිශීලකයන් මිලියන 200 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගෙන තිබෙනවා.

ඔවුන්ගේ ඊ-මේල් ලිපින මෙලෙස පැහැරගෙන ඇති අතර ඒවා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට තබා ඇති බවයි සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලය විසින් මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ.

පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තාවූයේ ට්විටර් පරිශීලකයන් මිලියන 400 කගේ පමණ පුද්ගලික තොරතුරු අනවසර පිවිසීමකට ලක්ව ඇති බවයි.

ගතවූ මාස 09 ක කාලය තුළදී ඔස්ටේ්‍රලියානුවන් විසින් විවිධ වංචාවලට හසුවීමෙන් ඩොලර් මිලියන 424.8 ක මුදලක් අහිමි කරගෙන ඇති බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක දැක්වෙන්නේ.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »