Search

Medicare සහ වෛද්‍ය හිගය ගැන අගමැතිවරුන්ගෙන් ඉල්ලීමක්

Medicare සහ උග්‍ර වෛද්‍ය හිගය පිළිබඳ අවධානය යොමු කරන්නැයි අගමැති ඇන්තනී ඇල්බනීස් ගෙන් ඉල්ලා සිටීමට ප්‍රාන්ත අගමැතිවරුන් කිහිප දෙනෙකු සූදානම් වනවා.

මෙම වසරේ පළමු ජාතික කැබිනට් රැස්වීමේදී එම ඉල්ලීම කෙරෙනු ඇති බව සඳහන්.

Medicare ශක්තිමත් කිරීම සඳහා ඇල්බනීස් රජය විසින් ඩොලර් මිලියන 750 ක මුදලක් වෙන් කර ඇතත් එය ප්‍රමාණවත් නොමැති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් ගණනාවක් විසින් පෙන්වා දි තිබෙනවා.

ගතවූ වසර 20 පුරා වෛද්‍යවරුන්ට ගෙවීමට පවතින හිග මුදල ඩොලර් බිලියන 08 කට ආසන්න බවටද තක්සේරු කර තිබෙනවා.

මෙම වසරේ පළමු ජාතික කැබිනට් රැස්වීම ලබන මාසයේ පළමු සතියේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »