තමන් හෝ තමන් විසින් රැකබලාගන්නා අයෙකු අසනීපවීම හමුවේ රාජකාරි සඳහා වාර්තා කිරීමට නොහැකිවන වික්ටෝරියා ප්‍රාන්තයේ casual සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ගෙවීම ආරම්භ කර තිබෙනවා.
වසරකට පැය 38 ක කාලයක් සඳහා වන ගෙවීමක් ජාතික අවම වැටුප් අගය යටතේ මෙහිදී ගෙවීමට නියමිතයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන් 55,000 ක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 80,000 ක් සඳහා මේ වනවිටත් ගෙවීම් සිදුකර අවසන් බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
මෙම සමස්ත වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 245.7 ක්.
වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කලේ අසනීප තත්වයකදී වුවද සේවා සඳහා පැමිණිමෙන් casual සේවකයන් වළක්වාලමින් ඵලදායිතාව නංවාලීම මෙහි මූලික අරමුණ බවයි.
කෙසේවෙතත් දැනට මේ සඳහා සුදුසුකම් ලබන්නේ retail, hospitality, aged care – disability care යන අංශ වල සේවකයන් පමණක් වන අතර ඉදිරියේදී අනෙකුත් ක්ෂේත්‍රවල සේවකයන්ද මේ සඳහා දායක කර ගැනීමට නියමිතයි.