ඔස්ට්‍රේලියාවේ වීසා සම්බන්ධ විනිශ්චය සභාව Administrative Appeals Tribunal (AAT) අහෝසි කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.
සුබසාධන ගෙවීම්වල සිට මෙරට පුරවැසිභාවය දක්වා සියලූ තීරණ සමාලෝචනය කරනු ලබන්නේ මෙමගින් වන අතර මෙය සංක්‍රමණික සහ සරණාගත වීසා සම්බන්ධ තීරණ සඳහා තීරණාත්මක අභියාචනා ක්‍රියාවලියක් ලෙසයි සැළකෙන්නේ.
මෙය අහෝසි කර ඒ වෙනුවට නව ආයතනයක් පිහිටුවන බවයි ලේබර් රජයේ නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.
මෙය 1976 සිට ක්‍රියාත්මක වූ නමුත් මෑත කාලයේ පැවති ලිබරල් සන්ධාන රජයට සම්බන්ධ පුද්ගලයන් හේතුවෙන් දැඩි විවේචනයට ලක්වුණා.
නව ආයතනය මෙම වසර අවසන් වන විට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ සඳහා අතිරේක සාමාජිකයින් 75 දෙනෙකු පමණ පත් කිරීමටයි කම්කරු පක්ෂ රජය යෝජනා කර සිටින්නේ.