
ඉදිරි දශකයට අදාළව ඔස්ටේ්‍රලියාවේ ජනගහණ වර්ධන වේගය පිළිබඳ නිල තොරතුරු අද ප්‍රකාශයට පත් කෙරෙනවා.
පූර්ව අනාවැකි අනුව 2022-23 වසර සඳහා මෙරට ජනගහණ වර්ධන වේගය පවතිනු ඇත්තේ සියයට 1.4 ක් ලෙසයි.
එය 2020-21 කාලසීමාවට වඩා සියයට 0.1 ක වැඩිවීමක් වන නමුත් 2024-25 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියා ජනගහණය තරමක් අඩුවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

2032-33 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියාවේ ජනගහණය මිලියන 30 කට ආසන්න වනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.
2060 වසර වනවිට මෙරට සමස්ත ජනගහණය මිලියන 40 ක් පමණ වනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර 2020-21 කාලසීමාවේදී 38.4 ක් ලෙස පැවති ඔස්ටේ්‍රලියාවේ මධ්‍යයන වයස 2032-33 වසර වනවිට 40.1 දක්වා ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.
එනම් ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයේ ඉහළයාමක් එම කාලය වනවිට අපේක්ෂා කෙරෙනවා.