Search

ඔස්ටේ්‍රලියානුවන්ට අලුත් රජුගේ කාසි ලැබෙන දිනය මෙන්න

03 වන චාල්ස් රජුගේ රුව ඇතුළත් කාසි මෙම වසරේ සිට ඔස්ටේ්‍රලියානුවන්ට භාවිත කිරීමට අවස්ථාව උදාවන ළකුණු පළවී තිබෙනවා.

නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍ය ඇන්ඩෲ ලේ සඳහන් කලේ දැනට භාවිතයේ ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි තවදුරටත් වලංගු වන බවයි.

1966 වසරේ සිට එලෙස නිකුත් කර ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි සංඛ්‍යාව බිලියන 50 ක් පමණ වනවා.

කෙසේවෙතත් එළිසබෙත් රැජිණ සිටින කාසි සහ චාර්ල්ස් රජු සිටින කාසිවල ප්‍රධාන වෙනසක් දැකගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව පවතිනවා.

එනම් රැජිණගේ මුහුණ දකුණු දිශාවට යොමුවී තිබුණද චාර්ල්ස් රජුගේ මුහුණ මුද්‍රණය වනුයේ වම් පස බලාසිටින ආකාරයෙනුයි.

එය සම්ප්‍රදායානුකූලව සිදුවන්නක් බවයි නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍ය ඇන්ඩෲ ලේ කියාසිටියේ.

රාජ්‍ය නායකයා මාරුවනවිට ඔවුන්ගේ රුව සහිත දිශාවද වෙනස් කිරීම එම නියමය බව නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍යවරයා කියාසිටියා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »