Amazon දැවැන්ත සේවක කප්පාදුවක

ලොව පුරා 18,000 කට වැඩි සේවක කප්පාදුවක් සිදුකිරීමට ලොව අංක එකේ සමාගමක් වන Amazon තීරණය කර තිබෙනවා.

ගබඩා සහ මානව සම්පත් ඇතුලු අංශ ආවරණය වන පරිදි මෙම කප්පාදුව බලාත්මක කෙරෙනු ඇති.

උද්ගතව පවතින ආර්ථික ගැටලු හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවන බව Amazon පවසනවා.

මීට පෙර වාර්තා වී තිබුණේ 10,000 ක සේවක කප්පාදුවක් වුවද එය 18,000 දක්වා වැඩි කිරීමට සිදුවන බව Amazon සඳහන් කර සිටිනවා.

පසුගියදා වාර්තා වූයේ ට්විටර් සමාගමද දැවැන්ත සේවක කප්පාදුවකට සූදානම් වන බවයි.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »