Search

අඛණ්ඩව 07 වන වසරටත් ටොයොටා ඔස්ටේ්‍රලියාවේ අංක 01 ට

අඛණ්ඩව 07 වන වසරටත් ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රියම වාහන සන්නාමය බවට ටොයොටා පත්වී තිබෙනවා.

පසුගිය වසරේදී මෙරටදී අලෙවි වු වාහන අතුරින් සෙසු වාහන වර්ගවලට වඩා ටොයොටා වාහන අලෙවිය 03 ගුණයක පමණ ඉහළයාමක් සටහන් කර ඇති බවයි නවකම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

2022 දී ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කර තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 10,81,429 ක්.

එයින්ද ඔස්ටේ්‍රලියානුවන්ගේ වැඩිම කැමැත්ත හිමිවි තිබුණේ Toyota Hi-Lux වාහන වර්ගයට බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේදි ඔස්ටේ්‍රලියාවේදි අලෙවි වී ඇති වාහන අතුරින් සියයට 21.4 ක් ටොයොටා වාහන වන අතර එයින්ද 64,000 ක් පමණ Toyota Hi-Lux වර්ගයේ වාහන වනවා.

දෙවන ස්ථානයට Mazda පත්වන්නේ සියයට 8.4 ක් හෙවත් වාහන 95,718 ක අලෙවියක් සටහන් කරමිනුයි.

වාහන 78,330 ක අලෙවියක් සමග Kia 03 වන ස්ථානයටත් – වාහන 76,991 ක අලෙවියක් සමග Mitsubishi 04 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

වාහන 73,345 ක අලෙවියක් සහිත Hyundai 05 වන ස්ථානයටයි පත්වී ඇත්තේ.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »