2032 වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණය මිලියන 30 ඉක්මවයි

2032 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණය මිලියන 30 ඉක්මවා යනු ඇති බවට අනාවැකි පළවනවා.

දැනට මෙරට ජනගහණය පවතින්නේ මිලියන 26 ක් ලෙසයි.

පසුගිය වසරට අදාළ ජනගහණ සංඛ්‍යාලේඛණ හෙට දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබෙනවා.

කොවිඩ් සමය තුළදි ප්‍රාන්ත රැසක ජනගහණය අඩුවී තිබුණේ සංක්‍රමණිකයන්ගේ සීඝ්‍ර පහළයාම හේතුවෙනුයි.

කෙසේවෙතත් ඉදිරි දශකය තුළදි එම තත්වය වෙනස් වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

එමෙන්ම දැනට ඔස්ටේ්‍රලියාවේ ජනාකීර්ණම නගරය වන සිඩ්නි නගරයට එම තත්වය අහිමි වී මෙල්බන් නගරය එම ස්ථානයට පැමිණෙනු ඇති බවටද අනාවැකි පළවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »