Whatsapp රැකියා ජාවාරමක් ගැන ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක්

විවිධ ඔන්ලයින් රැකියා වංචාවලට හසුවීමෙන් පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 8.7 ක් බවට ගණන් බලා තිබෙනවා.

Scamwatch විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉතා ඉහළ වැටුප් දෙන බව පවසා ක්‍රෙඩිට් කාඩ් තොරතුරු වැනි සංවේදී දත්ත සොරා ගැනීම මෙහිදී සිදුවන බවයි.

වයස අවුරුදු 25 ත් 44 ත් අතර පිරිස් මෙහිදී වැඩිම ඉලක්කය බවට පත්ව ඇති අතර පසුගිය වසරේදී එවැනි සිදුවීම් 3000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

Scamwatch විසින් ඔස්ටේ්‍රලියානුවන්ට දන්වා සිටින්නේ කිසිදු ආකාරයකින් රැකියාවක් පිළිබඳ තහවුරු කරගැනීමක් සිදුකර ගන්නා තෙක් මුදල් ගෙවිමක් සිදු නොකරන ලෙසයි.

වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය හරහා ලැබෙන රැකියා දැන්වීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »