
2008 න් පසු ඔස්ටේරලියාවේ නිවාස මිල ගණන්වල විශාල පහත වැටීමක් පසුගිය වසරේදී වාර්තා වී තිබෙනවා.
2008 වසරේ පැවති ගෝලීය මූල්‍ය අර්බුදයේදී ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් 6.4% කින් පහත වැටුණු පසු අනතුරුව තනි වසරකදී සිදුවූ විශාලතම අඩුවීමයි 2022 දී සටහන් වී ඇත්තේ.
දෙසැම්බර් මාසයේදී නිවාස මිල ගණන් 1.1% කින් පහත ගොස් ඇති අතර ඒ අනුව ගතවූ මාස 12 තුළදී නිවාස මිල පහත වැටීමේ සම්පූර්ණ අගය 5.3% ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

පසුගිය වසර තුළ නිවාස කුලියද සමස්ත ඔස්ටේ්‍රලියවේම සාමාන්‍යයෙන් 10.2% කින් වැඩිවී තිබුණා.
මෙල්බර්න් හි නිවාසවල වටිනාකම මේ වනවිට 2020 මාර්තු පැවති අගයට වඩා 1.5% ක් පමණක් ඉහළ මට්ටමකයි පවතින්නේ.

නිවාසවල වටිනාකම් වේගයෙන්ම පහත වැටෙමින් පවතින නගරය බවට වාර්තා වන්නේ සිඩ්නි කලාපයේයි.
(SBS)