Search

ගිය වසරේදී රුපියල 45% කින් බාල්දු වෙයි

2022 වසරේ දෙසැම්බර් 30 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය විය.

අනෙකුත් විදෙස් ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝවලට සාපේක්ෂව

සියයට 41.4කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 38.6කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 38.1කින් සහ ජපන් යෙන්වලට

සාපේක්ෂව සියයට 36.4කින් අවප්‍රමාණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »