KIA මෝටර් රථ 8,500 ක් ආපසු කැඳවයි

දරුණු රිය අනතුරු ඇතිවීමේ අවධානමක් හේතුවෙන් KIA Sorento වර්ගයේ මෝටර් රථ 8,500 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.

2020-2022 කාලය තුළදී නිපදවන ලද MQA KIA Sorento මාදිලියට අයත් මෝටර් රථ මෙලෙස ආපසු කැඳවා ඇති බව සඳහන්.

ඉන්ධන පද්ධතියේ ඇතිවිය හැකි අදාළ දෝෂය හමුවේ ගිනි ගැනීමේ හෝ දරුණු රිය අනතුරුවලට ලක්වීමේ අවධානමක් පවතින බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

අදාළ කාලසීමාව තුළදී මිළදී ගෙන ඇති මෝටර් රථයක් භාවිත කරන ඔස්ටේ්‍රලියානුවෙකු වෙතොත් වහා අලෙවි නියෝජිතයා අමතන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

https://7news.com.au/lifestyle/recalls/thousands-of-kia-sorento-cars-recalled-over-transmission-issue-in-electric-oil-pump-c-9347829

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »