
ඉදිරි වසර 05 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ සාත්තු සේවක රැකියා ආශ්‍රිතව සේවකයන් 100,000 කගේ පමණ හිගයක් පවතිනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවැකි පළකර තිබෙනවා.
මෙරට තුළ වැඩිහිටි ජනගහණය කැපී පෙනෙන ලෙස ඉහළයාමත් ඒ හා සමගාමීව සාත්තු සේවක පුරප්පාඩු සම්පූර්ණ නොවීමත් ඊට ප්‍රධාන හේතුව බවටයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.
වැටුප් ප්‍රමාණවත් නොවීම හමුවේ සාත්තු සේවකයන් විශාල පිරිසක් එම ක්ෂේත්‍රය අතහැර වෙනත් රැකියා සොයාගැනීමට පෙළඹෙන තත්වයක් දක්නට ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

2050 වසර වනවිට මෙම සේවක හිගය 212,000 කට ආසන්න වනු ඇති බවටත් පුරෝකථනය කර තිබෙනවා.
මෙම වාර්තාව මීට වසරකට පමණ පෙර පැවති ස්කොට් මොරිසන් රජයට ලබාදී තිබුණද මැතිවරණයේදී අවාසි සහගත වනු ඇතැයි සිතා මෙම වාර්තාව ඔවුන් විසින් ප්‍රසිද්ධ කර නොමැති බවටයි ලේබර් පක්ෂය චෝදනා කරන්නේ.
