ඔස්ටේ්‍රලියාවේ විදුලි සංදේශ නීතිවල වෙනසක්

මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ නීති සහ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය තී්රණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත් අංක – රියදුරු බලපත් අංක සහ දත්ත, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග හුවමාරු කරගැනීමට දුරකථන සමාගම් ඇතුලු විදුලි සංදේශ ආයතන සඳහා අවස්ථාව උදාවනවා.

කිසියම් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ඇතුලු අනෙකුත් සංවේදී තොරතුරු ආරක්ෂා කරගැනීමට ඒ හරහා අමතර ප්‍රතිපාදන ලැබෙනු ඇති.

කිසියම් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී ෆෙඩරල් රජයේ සහ ප්‍රාන්ත රජයන්හි විමර්ශන අංශ වෙත තොරතුරු ලබාදීමටත් නව රෙගුලාසි හරහා විදුලි සංදේශ සමාගම් වෙත අවස්ථාව හිමිවනවා.

තවදුරටත් අවශ්‍ය නොවන පුද්ගලික දත්ත ගබඩා කර ගැනීමකින් තොරව විනාශ කිරීම තවත් යෝජනාවක්.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »