Search

වික්ටෝරියා සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වී නියමුවාට බරපතලයි

වික්ටෝරියා Alpine කලාපයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා බරපතල තුවාල ලබා තිබෙනවා.

ගුවන් ගතවී කිලෝමීටරයක් පමණ දුරකදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්.

Mount Buffalo හි ගස් මතට ගුවන් යානය කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුවී පැය 06 ක් පමණ ගතවන තුරුත් හදිසි සේවා සඳහා අදාළ ස්ථානයට ළගාවීමට නොහැකි වී ඇති බවටද වාර්තා පළවනවා.

නියමුවා පමණක් යානයේ ගමන් කර තිබෙනවා.

Mount Buffalo පිහිටා ඇත්තේ මෙල්බන් නගරයේ සිට කිලෝමීටර් 300 ක් පමණ දුරකිනුයි.