ඔස්ටේ්‍රලියා වත්මන් කොවිඩ් රැල්ල ගැන සුවිශේෂී අනාවරණයක්

ඔස්ටේ්‍රලියාවේ වත්මන් කොවිඩ් රැල්ලට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ පළමුවරට කොවිඩ් ආසාධනය වූවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් අතුරින් මීට පෙර වෛරසය වැළඳී ඇත්තේ 1/5 කට පමණක් බවයි තහවුරු කරගෙන ඇත්තේ.

වයස්ගත ජනතාවට සහ ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත අයට නැවත නැවතත් වෛරසය වැළඳීම තරමක් ගැටලු සහගත බවයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය ඔස්ටේ්‍රලියාවේ පමණක් නොව සිංගප්පූරුව වැනි රටවලද දක්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරනවා.

පසුගිය වසරේ ජූනි මාසය වනවිට ඔස්ටේ්‍රලියානු ජනතාවගෙන් සියයට 46 කට පමණ කොවිඩ් වෛරසය වැළඳී තිබෙන්නට ඇතැයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »