ක්වන්ටාස් නැවතත් ලොව ආරක්ෂාකාරීම ගුවන් සේවය වෙයි

ලොව ආරක්ෂාකාරීම ගුවන් සේවය බවට ක්වන්ටාස් ගුවන් සේවය නැවතත් පත්වී තිබෙනවා.

වසර කිහිපයක් පුරා එම තත්වය ආරක්ෂා කරගත් ක්වන්ටාස් ගුවන් සේවය පසුගිය වසරේදී දෙවන ස්ථානයට පත්වූයේ Air New Zealand පළමු ස්ථානයට පැමිණිමත් සමගයි.

ලොව පුරා ගුවන් ගමන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙබ් අඩවි 400 කින් පමණ ලබාගත් තොරතුරු පාදක කරගෙනයි වාර්ෂිකව මෙම නම් කිරීම සිදුකරනු ලබන්නේ.

ගුවන් නියමුවන්ගේ ප්‍රවීණත්වය – ගුවන් යානාවල ආරක්ෂාව වැනි කරුණු කිහිපයක් මෙහිදී සැළකිල්ලට ගනු ලබනවා.

ගුවන් ප්‍රමාද – මගී ගමන් මලු හානි කිරීම් වැනි කරුණු හමුවේ ක්වන්ටාස් ගුවන් සේවය චෝදනා ලැබ සිටින අවස්ථාවකදී මෙම නම් කිරීම ලැබීමද විශේෂත්වයක්.

මෙවර ශ්‍රේණිගත කිරීම්වල 02 වන ස්ථානය Air New Zealand වෙතද – 03 වන ස්ථානය Etihad Airways වෙතද – 04 වන ස්ථානය කටාර් ගුවන් සේවය වෙතද – 05 වන ස්ථානය සිංගප්පූරු ගුවන් සේවය වෙතද ලැබී තිබෙනවා.

වර්ජින් ගුවන් සේවය පසුවන්නේ 10 වන ස්ථානයේයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »