Search

ඔස්ට්‍රේලියා Student වීසා රැකියා පැය ගණන ගැන විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාව තුළදී ශිෂ්‍ය වීසා ලාභීන්ට දැනට ලබා දී ඇති අසීමිත පැය ගණනක් රැකියා කිරීමේ සහනය ලබන ජූනි 30 වනදායින් අවසන් කිරීමට ෆෙඩරල් රජය ස්ථිර තීන්දුවකට එළැඹී තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ ඒ දක්වා සති 02 කට පැය 40 උපරිම සීමාව ඉක්මවා රැකියාවල නිරතවීමට සිසුන්ට අවසර හිමිවන බවයි.

රට තුළ දැනට පවතින දැඩි සේවක හිගය මගහරවා ගැනීමේ එක් පියවරක් ලෙසයි මීට මාස කිහිපයකට ඉහතදී මෙම සහනය ලබාදීමට පියවර ගැණුනේ.

2022-23 වසරට අදාළ සංක්‍රමණ වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 448 ක්.

එයින් ඩොලර් මිලියන 6.2 ක් වෙන් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ වැඩසටහන ප්‍රවර්ධනය සඳහායි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »