මෙම වසර තුළදී සංක්‍රමණිකයන් 235,000 ක් ඔස්ටේ්‍රලියාවට

කොවිඩ් තත්වයත් සමග අඩාලවූ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉදිරි වසර 03 තුළදී යළිත් යථා තත්වයට පත්වනු ඇති බවට නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම වසර තුළදී සංක්‍රමණිකයන් 235,000 ක් රටට පැමිණෙනු ඇති බවද ලබන 2025-26 වසර වනවිට එය 473,000 ක් පමණ දක්වා වැඩි වනු ඇති බවද එහි දැක්වෙනවා.

කොවිඩ් වසංගතය උච්චතම පැවති 2020-21 කාල සීමාවේදී ඔස්ටේ්‍රලියාවට වසරකට සංක්‍රමණිකයන් 85,000 ක් පමණ අහිමිවු බවත් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙරටට අහිමිවූ වැඩිම සංක්‍රමණිකයන් සංඛ්‍යාව බවත් සංඛ්‍යාලේඛණවල සඳහන්.

කිසියම් ආකාරයකට කොවිඩ් තත්වයක් උද්ගත නොවූයේ නම් වසරකට ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණිකයන් ලක්ෂ 04 කට ආසන්න පිරිසක් පැමිණිමේ ප්‍රවණතාවයක් දැකගන්නට හැකිවන්නට ඉඩතිබූ බවද මෙම වාර්තාවේ සඳහන්.

මෙම වසර සඳහා ස්ථිර සංක්‍රමණික කෝටාව 195,000 දක්වා ඉහළ දැමීමට පසුගිය වසරේ පැවති රැකියා සමුලුවේදී ෆෙඩරල් රජය කටයුතු කලා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »