මෙම වසරේ ඔස්ටේ්‍රලියාවේ cash rate අගය ගැන පුරෝකථනයක්

මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවේදී cash rate අගයන් ඉහළ නැංවෙනු ඇති බවට අනාවැකි පළවන අගයන් සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ පළමු පොළී අනුපාත අගය ඉහළ නැංවීම සිදුකරන ලබන මස 07 වනදා පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් cash rate අගය වැඩි කෙරෙනු ඇති බව සඳහන්.

ඒ අනුව දැනට සියයට 3.10 ක් ලෙස පවතින ඔස්ටේ්‍රලියාවේ cash rate අගය සියයට 3.35 දක්වා වැඩි කෙරෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ෆෙඩරල් සංචිත බැංකුව විසින් අඛණ්ඩව පොළී අනුපාත ඉහළ නංවන 09 වන අවස්ථාව බවට මෙය පත්වනු ඇති.

අවසන් වරට ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය සියයට 03 කට වඩා පැවතියේ 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී වන අතර රට තුළ දැනට පවතින උද්ධමනය පාලනය කිරීම සඳහායි ෆෙඩරල් සංචිත බැංකුව විසින් අඛණ්ඩව පොළී අනුපාත ඉහළ දමනු ලැබුවේ.

කෙසේවෙතත් මෙම වසර අවසානය වනවිට පොළී අනුපාත අගය යම්තාක් දුරකට අඩු වනු ඇති බවටද ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළවනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »