මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවේ සයිබර් ආරක්ෂණ රැකියා 3,000 ක්

දිගින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාර හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ ඉහළ නිපුණතා සහිත සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගේ දැඩි හිගයක් නිර්මාණය වී තිබෙනවා.

2023 වසර තුළදී ඔස්ටේ්‍රලියාවට අවශ්‍ය සයිබර් ආරක්ෂණ නිළධාරීන් සංඛ්‍යාව 3,000 ක් පමණ වනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

සාමාන්‍යයෙන් ඔස්ටේ්‍රලියාව තුළදී සයිබර් ආරක්ෂණ නිළධාරියෙකුට හිමිවන දළ වැටුප ඩොලර් 120,000 ක් පමණ වනවා.

2026 වසර වනවිට අවශ්‍ය සයිබර් ආරක්ෂණ නිලධාරීන් සංඛ්‍යාව සම්පූර්ණ කරගැනීම සඳහා විෂය භාර ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් විසින් නව වැඩපිළිවෙලක්ද හඳුන්වාදෙනු ලැබුවා.

රජයේ මෙන්ම ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ඊට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »