Search

ඔස්ටේ්‍රලියා රැකියා වංචා ගැන අනතුරු ඇගවීමක්

ඔස්ටේ්‍රලියාවේ රැකියා දෙන බවට පොරොන්දුවන වංචාකරුවන් ගැන විමසිල්ලෙන් සිටින ලෙසට පාරිභෝගික කොමිසම අනතුරු අගවා සිටිනවා.

පසුගිය වසර තුළ රැකියා වංචා 3,194 කට වඩා වාර්තා වී ඇති බව සඳහන්.

වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් ඉක්මනින් මුදල් ඉපයීමේ පොරොන්දුව මත ඒවාට රැවටී ඇති බවයි පාරිභෝගික කොමිසම පවසන්නේ.

2022 වසරේදී රැකියාවලට බඳවා ගැනීමේ වංචා හමුවේ නිසා ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 8.7 කට වඩා වැඩි බව සංඛ්‍යාලේඛන හෙළි කරනවා.

රැකියා සඳහා අයදුම් කිරීමේදී පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්නා ලෙසටත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල සේවා හරහා ලබා දෙන රැකියා දීමනා වලින් ප්‍රවේශම් වන ලෙසත් මෙරට තරුණ ප්‍රජාවෙන් ඉල්ලීමක් කෙරෙනවා.

තරුණ පුද්ගලයින් රැකියා වංචා සඳහා විශේෂයෙන් අවදානමට ලක්වන බවත් වයස අවුරුදු 25 ත් 44 ත් අතර පසුවන උදවිය ඒ අතරින් ප්‍රධාන බවත් තහවුරු වී තිබෙනවා.

-SBS-

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »