චීන සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාව පැණවූ රෙගුලාසිය ගැන අර්බුදයක්

චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට කොවිඩ් සෘණාත්මක වාර්තාවක් ලබාදීම අනිවාර්ය කිරීමට ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ ප්‍රධාන සෞඛ්‍ය වෛ්‍ය නිලධාරී වෛද්‍ය පෝල් කෙලී ගේ අවසරයකින් තොරව බවට අනාවරණ වි තිබෙනවා.

ඔහු විසින් පසුගිය 31 වනදා රජයට වෙත යවන ලද ලිපියක් මාධ්‍ය වෙත ලැබී ඇති අතර එහියි මේ බව දක්වා ඇත්තේ.

දැනට පවතින තත්වය හමුවේ එවැනි දරුණු තීරණයක් ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි වෛද්‍ය පෝල් කෙලී සඳහන් කර සිටින්නේ.

අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් විසින් චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට කොවිඩ් සෘණාත්මක වාර්තා අනිවාර්ය කිරීමත් සමග ඔස්ටේ්‍රලියාවද ලබන 05 වනදා සිට එම රෙගුලාසිය අනිවාර්ය කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවයේ මෙන්ම මහජන නියෝජිතයන්ද ඒ සම්බන්ධයෙන් පළකර තිබුණේ දැඩි අප්‍රසාදයක්.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »