
ගෝල්ඩ් කෝස්ට් හිදී හෙලිකොප්ටර් 02 ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය 04 දෙනාගේ අනන්‍යතා තහවුරු කරගෙන තිබෙනවා.
එක් අයෙකු අනතුරට ලක්වු එක් හෙලිකොප්ටරයක නියමුවා වන Sea World වෙත අනුයුක්ත 40 හැවිරිදි අයෙකුයි.
මියගිය අනෙක් 03 දෙනා බ්‍රිතාන්‍ය ජාතික යුවළක් සහ සිඩ්නි පදිංචි කාන්තාවක බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මෙහිදී තවත් 09 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් අවුරුදු 09 ක් සහ 10 ක් වයසැති දරුවන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.
මෙම අනතුරට නිශ්චිත හේතුව සොයා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් විසින් විමර්හනයක්ද ආරම්භ කර තිබෙනවා.
