Search

ඔස්ටේ්‍රලියාවේදී පෙර පාසල් ගුරුවරුන්ට දෙන ඉහළම සම්මානයක් ලාංකිකයෙකුට

ඔස්ටේ්‍රලියාවේදී පූර්ව ළමාවිය ගුරුවරුන් සඳහා පිරිනැමෙන ඉහළම සම්මානයක් වන ජාතික විශිෂ්ඨතා ගුරු සම්මානය (The National Excellence in Teaching Awards (NEiTA) Seed Award) 2022 වසර සඳහා දිනාගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දුලාරි ගෝනවල සමත්වී තිබෙනවා.

Berwick හි Goodstart Early Learning මධ්‍යස්ථානයයි ඇය නියෝජනය කරනු ලබන්නේ.

දරුවන්ගේ ඉගැන්වීම් – සංවර්ධනය සහ රැකබලාගැනීම යන සියලු අංශ ආවරණය වන පරිදි සිදුකරන තක්සේරුවකින් පසු මෙම සම්මානය ලබාදීම සිදුකෙරෙනවා.

සම්මානයට අමතරව ඔවුන්ගේ වෘත්තිමය කුසලතා සංවර්ධනය වෙනුවෙන් පිරිනැමෙන ඩොලර් 10,000 ක මුදලක්ද ජයග්‍රාහකයන්ට හිමිවනවා.

පසුගිය 28 වසර පුරා ගුරුවරුන් 1,100 කට පමණ මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

තමන්ට හිමිවූ මෙම ඇගයීම පිළිබඳ ඉමහත් සතුටට පත්වන බවයි දුලාරි ගෝනවල පවසා සිටියේ.