කොවිඩ් සමයේ අඩු වූ ඔස්ටේ්‍රලියාවේ දරු උපත් යළි යථා තත්වයට

කොවිඩ් සමයේදී තරමක් අඩු වී තිබූ ඔස්ටේ්‍රලියාවේ දරු උපත් සංඛ්‍යාව යළිත් යථා තත්වයට පත් වි තිබෙනවා.

පසුගිය වසරට අදාළ දරු උපත් පිළිබඳ නිල සංඛ්‍යාලේඛණ ලබන සිකුරාදා දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි ෆෙඩරල් රජය සඳහන් කලේ.

දරු උපත් සංඛ්‍යාව ඉහළයාම යහපත් ප්‍රවණතාවයක් බව ෆෙඩරල් මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

නොඑසේනම් වසර 10 ක් පමණ ගතවනවිට ඔස්ටේ්‍රලියා පුරවැසියන් ප්‍රතිශතය අඩුවී සංක්‍රමණික ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම තත්වය සමබරව පවත්වාගෙන යාමට ෆෙඩරල් රජය අවශ්‍ය මැදිහත්වීමක් සිදුකරන බවටද අමාත්‍යවරයා සහතික වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »