2022 ඔස්ටේ්‍රලියාවේ වැඩිම රිය අනතුරු මරණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේදී වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් බව නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.

එම මරණ සංඛ්‍යාව 299 ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 18 ක වැඩිවීමක්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මරණ 288 ක් සමගිනුයි.

එහි 2021 මරණ සංඛ්‍යාව 275 ක් ලෙස සටහන්වී තිබුණා.

මරණ 240 ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය 03 වන ස්ථානයටත් – මරණ 174 ක් සමග බටහිර ඔස්ටේ්‍රලියාව 04 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

සමස්ත ඔස්ටේ්‍රලියාවෙන්ම 2022 වසරේදී රිය අනතුරු මරණ 1165 ක් වාර්තා වී ඇති අතර එය 2021 වසරේදී වාර්තා වී තිබුණේ 1109 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »