Search

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පොදු නිවාඩු දින සඳහා සංශෝධන කිහිපයක්

ප්‍රාන්තයේ පොදු නිවාඩු දින සඳහා සංශෝධන කිහිපයක් ගෙන ඒමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රටේ සෙසු ප්‍රදේශවල පොදු නිවාඩු සළකන ක්‍රමවේදය හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා ප්‍රාන්තවාසීන්ගේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

උදාහරණයක් ලෙස දැනට පවතින නීති රෙගුලාසි යටතේ නත්තල් වැනි ප්‍රසිද්ධ නිවාඩුවක් සෙනසුරාදා දිනයක යෙදී තිබුණහොත් එය පොදු නිවාඩු දිනයක් ලෙස නොසැළකෙන අතර එදින සේවය කරන සේවකයන්ටද නිවාඩු දිනවල ගෙවීම් ප්‍රතිශතය හිමිවන්නේ නැහැ.

ඒ වෙනුවට නිවාඩුව ලබාදෙන සඳුදා දිනයට පමණක් පොදු නිවාඩු ප්‍රතිශතය ගෙවීම සිදුවනවා.

සෙනසුරාදා සහ සඳුදා යන දින 02 ටම පොදු නිවාඩු ප්‍රතිශතයන් නොගෙවන ඔස්ටේ්‍රලියාවේ එකම ප්‍රාන්තයද දකුණු ඔස්ටේ්‍රලියාවයි.

මෙම තත්වය වළක්වාලීම යෝජිත නීති මාලාවල ප්‍රධාන අරමුණ වන අතර ඒ සඳහා සේවක වෘත්තිය සමිතිවල සහයෝගයද ලැබි තිබෙනවා.

මීට අදාළ අදහස් හා යෝජනා ලබන පෙබරවාරි 03 වනදා දක්වා ලබාදිය හැකියි.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »