Search

වික්ටෝරියා රිය අනතුරු මරණ යළි ඉහළට

පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ රිය අනතුරු මරණ සංඛ්‍යාව 2021 වසරට වඩා ඉහළ ගොස් තිබෙනවා.

2021 දී සමස්ත රිය අනතුරු මරණ ගණන 233 ක් වූ නමුත් පසුගිය වසරේදී එය 240 දක්වා වැඩි වී ඇති බවයි වික්ටෝරියා ප්‍රවාහන අනතුරු කොමිසම නිකුත් කර ඇති සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

2021 දී ප්‍රාදේශීය මාර්ගවල සිදුවූ රිය අනතුරුවලදී පුද්ගලයන් 119 දෙනෙකු මියගොස් තිබූ අතර 2022 දී එය 134 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් 2021 වසරේදී වික්ටෝරියා නාගරික කලාපවල රිය අනතුරු මරණ 114 ක් වාර්තා වී තිබූ නමුත් පසුගිය වසරේදී එය 106 ක් දක්වා අඩුවී ඇති බවයි වික්ටෝරියා ප්‍රවාහන අනතුරු කොමිසම සඳහන් කරන්නේ.

දුරකථන භාවිත කරමින් රිය පැදවීම සහ අධික වේගය මෙම අනතුරුවලට ප්‍රධාන හේතුන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම මත්පැන් පානය කර රිය පැදවීමත් – ආසන පටි භාවිත නොකිරීමත් තවත් හේතු බව වික්ටෝරියා ප්‍රවාහන අනතුරු කොමිසම නිකුත් කර ඇති සංඛ්‍යාලේඛණවල සඳහන්.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »