නොමිළයේ මානසික සැසි අඩු නොකරන්නැයි ඉල්ලීමක්

ඔස්ටේ්‍රලියානුවන්ට ලබා ගත හැකි Medicare සහන ලැබෙන මනෝවිද්‍යා සැසි සංඛ්‍යාව මෙම වසරේදී අඩකින් අඩු වනවා.

ඒ අනුව කොවිඩ් වසංගතයට පෙර පැවති ප්‍රමාණයට එනම් සැසි 10 ක් දක්වා යළිත් පත්වනු ඇති.

කොවිඩ් වසංගතය අතරතුර, හිටපු ලිබරල් සන්ධාන රජය විසින් මානසික සෞඛ්‍ය බලපෑම් විසඳීමට උපකාර කිරීම සඳහා මනෝවිද්‍යා සැසි සංඛ්‍යාව 20 ක් දක්වා Medicare සහන ලබා දීමට අරමුදල් වෙන් කරනු ලැබුවා.

කෙසේවෙතත් මෙම කප්පාදු කිරීම පිළිබඳ යළිත් සළකා බලන ලෙසයි පාර්ශව කිහිපයක් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර නොමිලේ PCR පරීක්ෂණයක් ලබා ගැනීමට පුද්ගලයෙකු ප්‍රථමයෙන් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවී එයට අදාළ නිර්දේශයක් ගැනීමද ඊයේ සිට බලාත්මකයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »