
මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවේ පළමු දරු උපත සිඩ්නි නගරයෙන් වාර්තා වී තිබෙනවා.
නව වසර උදාවී විනාඩි 10 කින් සිඩ්නි Westmead රෝහලේදී උපත ලැබූ පිරිමි දරුවෙකුයි එම වාර්තාවට හිමිකම් කියන්නේ.
ඔහුගේ දෙමව්පියන් ඉන්දියාවේ උපත ලබා ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූවන් වනවා.

කිලෝ 02 යි ග්‍රෑම් 800 ක බරකින් යුක්තව උපත ලැබූ මෙම පිරිමි දරුවා නීරෝගී තත්වයක පසුවන බව සඳහන්.
ඔහුගේ සුවදුක් විමසීම සඳහා නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ ද Westmead රෝහල වෙත පැමිණ තිබුණා.
