ඔස්ටේ්‍රලියාව තුළ ෆෙඩරල් නීති කිහිපයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඉහළ දැමූ නව දඩ මුදල් දැන් බලාත්මකයි.
මේ අනුව බදු ලිපි ගොණු ඉදිරිපත් නොකිරීම ඇතුලු වැරදි කිහිපයකට අදාළව පැවති ඩොලර් 222 ක අවම දඩය ඩොලර් 275 දක්වා ඉහළ යනු ඇති.
මේ හරහා ඉදිරි වසර 04 තුළදී ෆෙඩරල් රජය විසින් රැස්කර ගැනීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් මිලියන 31 ක්.
බදු ලිපි ගොණු ඉදිරිපත් නොකිරීමට අදාළව දැනට පැණවිය හැකි උපරිම දඩය ඩොලර් 1100 ක් වුවද නව සංශෝධනය යටතේ එය ඩොලර් 1375 ක් දක්වා ඉහළ යනු ඇති.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇල්බනීස් රජය ඉදිරිපත් කල අයවැය ලේඛණ සඳහාද මෙම යෝජනා ඇතුළත් වුණා.