මෙල්බන් graffiti පැමිණිලි QR කේත හානි කිරීම් ගැන විමර්ශන

මෙල්බන් නගරයේ තාප්ප සහ ගොඩනැගිලි මත අනවසරයෙන් graffiti සිත්තම් කර ඇත්නම් පැමිණිලි කිරීම සඳහා හඳුන්වා දුන් QR කේත වලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් මෙල්බන් නාගරික කවුන්සිලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් CBD පුරා ප්‍රදර්ශනය කර තිබූ අදාළ කේත මත වෙනත් QR කේත අළවා ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

කිසියම් පැමිණිල්ලක් කිරීමට එම කේතය ස්කෑන් කල විට හිප් හොප් සංස්කෘතිය පිළිබඳ දැක්වෙන යූ ටියුබ් වීඩියෝවක් ප්‍රදර්ශනය වන බව සඳහන්.

මීට සම්බන්ධ සියල්ලන් සී සී ටී වි කැමරා මගින් හඳුනාගෙන දඩුවම් පමුණුවන බවයි මෙල්බන් නගරාධිපතිනී සැලී කැප් කියාසිටියේ.

මෙල්බන් නගරය පුරා තාප්ප සහ ගොඩනැගිලිවල සිත්තම් කර ඇති සියලුම අනවසර ඉවත් කිරීමට මෙල්බන් නගර කවුන්සිලය පසුගිය ජූලි මාසයේදී තීරණය කලා.

ඒ අනුව පසුගිය වසරේදී වර්ග මීටර් 150,000 ක graffiti ප්‍රමාණයක් ඉවත් කෙරුණු අතර ඉතිරි සියල්ල මෙම වසරේදී ඉවත් කිරීමට නියමිතයි.

ඒ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 28.2 ක්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »