Online betting සඳහා නව නියාමන රෙගුලාසි

Online betting හෙවත් අන්තර්ජාල ඔට්ටු තැබීම් ප්‍රචාරණ කටයුතු සඳහා නව නියාමන රෙගුලාසි පැණවීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ඒ අනුව පාරිභෝගිකයන් පූර්ණව දැනුවත් කිරීමේ උපදෙස් මාලාවක් ප්‍රදර්ශනය අනිවාර්ය වනවා.

රූපවාහිනී – ගුවන් විදුලි මෙන්ම සමාජ මාධ්‍ය ඇතුලු සියලු ඩිජිටල් ක්‍රම හරහා ද ගණුදෙනුකරුවන්ට ඔට්ටු තැබීම පිළිබඳ දැනුවත් කල යුතුයි.

ලබන අප්‍රේල් මාසයේ සිට මෙම නව රෙගුලාසි බලාත්මක වනු ඇති.

මාස 12 ක් පුරා එය සිදුකිරීමෙන් අනතුරුව සිදුකල යුතු සංශෝධන පිළිබඳ විමසා බැලීමටයි ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »