විශ්ව විද්‍යාල සිසුන් 20,000 කට අධ්‍යයන පාඨමාලා පවත්වාගෙන යාමේදී අද සිට ෆෙඩරල් රජයෙන් සහ ප්‍රාන්ත රජයන්ගෙන් සහනාධාර හිමිවනවා.
ඒ සඳහා මෙම වසරට වැය කර ඇති මුදල ඩොලර් මිලියන 485.5 ක්.
අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව උපාධි හදාරන 4,036 කට / හෙද සේවයේ පාඨමාලා හදාරන 2,600 කට / තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පාඨමාලා හදාරන 2,275 කට / සෞඛ්‍ය වෘත්තික පාඨමාලා හදාරන 2,740 කට සහ ඉංජිනේරු අංශයේ 1,738 කට මෙම අවස්ථාව උදාවනවා.
උග්‍ර සේවක හිගයක් පවතින තවත් ක්ෂේත්‍ර කිහිපයකට සෙසු කෝටාව වෙන් කර තිබෙනවා.
දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල අඩු ආදායම් ලාභි සිසුන්ට මෙහිදී ප්‍රමුඛත්වය හිමිවනු ඇති.
ස්වදේශික ජනතාව නියෝජනය කරන සිසුන්ට සහ ආබාධ සහිත සිසුන්ටද මේ සඳහා අයදුම් කල හැකි වනවා.