
කොවිඩ් අවධානම ඉහළ යාමත් සමග චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට ඔස්ටේ්‍රලියාව විසින් නව කොන්දේසියක් පණවා තිබෙනවා.
ඒ අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට ගුවන් යානයට ගොඩවීමට පැය 48 කට පෙර ලබාගත් සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇති.
ලබන බ්‍රහස්පතින්දා (ජනවාරි 05) වනදා සිට මෙම නව නියමය බලාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලේ.

චීනයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන අයුරින් ඉහළ යාමත් හමුවේ අමෙරිකාව ඇතුලු තවත් රටවල් රැසක් විසින් ද මෙම නියමය පණවනු ලැබුවා.
මෙය චීන සංචාරකයන්ට ප්‍රතික්ෂේප කිරීමක් නොවන බවත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.
