TAFE සිසුන් 480,000 ක් සඳහා අද සිට නොමිළයේ අධ්‍යාපන අවස්ථා

TAFE සිසුන් 480,000 ක් සඳහා අද සිට නොමිළයේ අධ්‍යාපන අවස්ථා පිරිනැමීම ආරම්භ කෙරෙනවා.

දැඩි සේවක හිගයක් පවතින ක්ෂේත්‍ර සඳහා එහිදී ප්‍රමුඛත්වය පිරිනැමෙන අතර Child care – Aged Care වැනි අංශ ඉලක්ක කරගත් 180,000 කට වෘත්තිමය පුහුණුව ලබාදීම ජනවාරි පළමුවනදා සිට ආරම්භ කෙරෙනු ඇති.

  • Care (aged care, child care, health care and disability care)
  • technology and digital
  • hospitality and tourism
  • construction
  • agriculture
  • sovereign capability

මේ සඳහා වසරකදී වැය කිරීමට යෝජිත මුදල ඩොලර් බිලියන 01 ක්.

2023-2024 කාලය තුළදී තවත් සිසුන් 20,000 කට විශ්ව විද්‍යාල වරම් උදාකරදීමද නියමිතයි.

හෙදියන් – ගුරුවරුන් – ඉංජිනේරුවන් සහ තාක්ෂණ රැකියාවල නිරතවීමට අපේක්ෂා කරන සිසුන්ට එහිදී ප්‍රමුඛත්වය හිමිවනු ඇති.

අඩු ආදායම් ලාභී හෝ දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට මෙම වරප්‍රසාදය හිමිවනවා.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »