ඔස්ටේ්‍රලියාව තුළ ඖෂධ රැසක මිළ අද සිට පහළට

ඔස්ටේ්‍රලියාව තුළ ඖෂධ වර්ග රැසක මිළ ගණන් අද සිට පහළ යනවා.

ඒ අනුව ඖෂධ වට්ටෝරුවක් සඳහා මෙතෙක් නියම කල හැකි උපරිම ගාස්තුව වු ඩොලර් 42.50 අද සිට ඩොලර් 30 දක්වා අඩු වනවා.

එමගින් සියයට 30 ක පමණ ගාස්තු අඩුවීමක් ඔස්ටේ්‍රලියානුවන්ට හිමිවනු ඇති.

මාසයකට එක් ඖෂධ වට්ටෝරුවක් පමණක් මිළයට ගන්නා අයෙකුට වුවද මේ හරහා වසරකදී ඩොලර් 150 ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි වනවා.

දියවැඩියා සහ හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක මිළද අද සිට අඩු කර තිබෙනවා.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »