ඉලොන් මස්ක් තවත් වාර්තාවක් තියයි

ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ මෙන්ම ට්විටර් සමාගමේ වත්මන් හිමිකරු වන ඉලෝන් මස්ක් සමත්ව තිබෙනවා.

ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමග මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී ඇතැයි සඳහන්.

බ්ලුම්බර්ග් වෙබ් අඩවිය නිකුත් කල වාර්තාවක මේ බව දැක්වෙනවා.

2021 වසරේ නොවැම්බර් 4 වැනිදා මස්ක්ගේ මුළු ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 340 ක් ලෙස සටහන් වී තිබුනා.

2022 වසරේ ටෙස්ලා කොටස් අගය සියයට 65 කින් පමණ පහත වැටීමත් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් ඔහුගේ ධනය අඩුවීමට ප්‍රධාන හේතු වී ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »