අද සිට ඔස්ටේ්‍රලියාව තුළ දීමනා කිහිපයක් ඉහළට

අද (01) සිට ඔස්ටේ්‍රලියාව තුළ දීමනා කිහිපයක් ඉහළ යාම සිදුවනවා.

ඒ අනුව youth allowance හෙවත් තරුණ දිමනාව – AusStudy සහ වැඩිහිටි දීමනා මෙලෙස වැඩි කෙරෙනු ඇති.

1998 වසරෙන් පසු තරුණ දීමනාව වැඩි කෙරෙන ඉහළම අගය මෙවර සටහන් වනවා.

ඒ අනුව එම දීමනාව සති 02 ක කාලයක් සඳහා ඩොලර් 19.10 සිට ඩොලර් 41.40 දක්වා අගයකින් ඉහළ දැමීමට නියමිතයි.

AusStudy දීමනාව දෙසතියකට ඩොලර් 32.40 සිට ඩොලර් 41.40 අතර අගයකින් ඉහළ යනු ඇති.

වයස අවුරුදු 21 ට අඩු සහ දරුවන් නොමැති ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයින් හට දෙසතියකට ඩොලර් 27.40 ත් 40.70 ත් අතර ලැබෙන අතර සෙසු දීමනා රැසක්ද 2023 වසරේදී ඉහල යාම සිදුවනවා.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »