සුබසාධන දීමනා හිමි දේපල නීති අද සිට වෙනසකට

First home buyers

ඔස්ටේ්‍රලියාවේ සුබසාධන දීමනා හිමියන්ට අදාළ දේපල නීති කිහිපයක් අද (01) සිට වෙනස් කර තිබෙනවා.

ඒ අනුව, Centrelink හිමිකම් ලබන්නෙකු තම ප්‍රාථමික නිවාසය විකිනිම සිදු කල හොත්, ඔවුන් නව නිවස සඳහා භාවිතා කිරීමට අදහස් කරන විකිණූ නිවසින් ලැබෙන මුදල් ප්‍රමාණය, ඔවුන්ගේ වත්කම් පරීක්ෂණයට ඇතුළත් වන්නේ නැහැ.

දැනට ඇති නිවසට වඩා අඩු ඉඩක් සහ කාමර සහිත නිවසකට යාමට අවශ්‍ය නම් හෝ වෙනත් නිවසකට යාමට අවශ්‍ය නම් මෙය උපකාරී වනු ඇති.

Centrelink ප්‍රතිලාභ, සෙසු දීමනා සහ ඇතැම් අඩු ආදායම්ලාභී සෞඛ්‍ය සේවා කාඩ්පත් හිමියන්ට මෙම වෙනස්කම් අදාල වනවා.

නිවස විකිනීම සිදු කරන්නේ නම් ඒ බව දින 14 කට පෙර දැනුම් දිය යුතු වනවා.

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »