Search

ඔස්ටේ්‍රලියාවට 2023 උදාවෙයි

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර කිහිපයකට 2023 නව වසර මීට සුලු වේලාවකට පෙර උදාවුණා.

සිඩ්නි – මෙල්බන් – කැන්බරා සහ හෝබාට් නගරවලටයි මේ අනුව නව වසර උදාවූයේ.

ගිණි කෙළි සහ මල් වෙඩි සංදර්ශනවලට මුල් තැන දෙමින් ඔස්ටේ්‍රලියානුවන් 2023 වසර පිළිගනු ලැබුවා.

පහතින් දැක්වෙන්නේ Geelong waterfront හි පැවති මල් වෙඩි සංදර්ශනවල ඡායාරූප කිහිපයකි.

(Photo Credits – Neranjal Havowita and Nimesha Wickramasinghe)

කෙසේවෙතත් බ්‍රිස්බන් – පර්ත් – ඇඩිලේඩ් සහ ඩාර්වින් යන නගරවලට තවමත් නව වසර උදාවූයේ නැහැ.

ඒ කාල කලාප වෙනස හේතුවෙනුයි.

මෙවර ප්‍රධාන නගරවල මල් වෙඩි සංදර්ශන නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ සිටීම විශේෂත්වයක්.

2023 වසර උදාවූ පළමු ප්‍රධාන නගරය ලෙස සැළකෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි.

එහි සුප්‍රකට ස්කයි ටවර් ගොඩනැගිල්ලේ මෙවරත් මල් වෙඩි සංදර්ශනයක් පැවැත්වුණා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »