Search

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

16 වන හිටපු පාප් වහන්සේ වන බෙනඩික්ට් පාප් වහන්සේ වතිකානයේදී ස්වර්ගස්ථ වී තිබේ.

95 වැනි වියේ පසුවූ හිටපු පාප් වහන්සේ වතිකානයේ පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී ඇති බව වාර්තා වෙයි.

හිටපු පාප් වහන්සේගේ දේහය එළඹෙන සඳුදා සිට මහජන ගෞරවය සඳහා වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කිරීමට නියමිතය.

ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 95 කි.

16 වන බෙනඩික්ට් පියතුමන් 2005 වසරේ සිට 2013 වසර දක්වා 16 වන ශුද්ධෝත්තම පියතුමන් ලෙස කටයුතු කළේ ය.

අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ  වී තිබේ.

2005 වසරේ අප්‍රේල් 19 වැනිදා සිට 2013 වසරේ පෙබරවාරි 11 වැනිදා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරන තෙක් 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා සිය ධුරයේ කටයුතු කළේය.

පාප් පදවියේ වගකීම දැරීමට තමන්ට කායිකව නොහැකි යැයි හැඟෙන බව පවසමින් පල්ලියේ වසර  2000 ක ඉතිහාසය තුළ ඉල්ලා අස්වූ ප්‍රථම පාප්තුමා වන්නේ ද 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමාය.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »