ඩාර්වින් හි ගිණි කෙළි සංදර්ශන අවලංගු කෙරේ

නව වසර උදාව වෙනුවෙන් Northern Territory හි අග නගරය වන ඩාර්වින් හි සංවිධාන කර තිබූ ප්‍රධාන සැමරුම් උත්සවය සහ ගිණිකෙළි සංදර්ශනය අවලංගු කර තිබෙනවා.

අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ඇතිවිය හැකි දැඩි සුළං සහ අධික වර්ෂා තත්වය ඊට හේතුව බවයි බළධාරීන් සඳහන් කලේ.

නරඹන්නන්ගේ ආරක්ෂාව සළකා මෙම තීරණය ගැනීමට සිදුවු බව Northern Territory ප්‍රාන්ත බළධාරීන් කියාසිටියා.

කෙසේවෙතත් ඩාර්වින් හි සමාජ ශාලා සහ අවන්හල් විසින් ගෘහස්ථව සංවිධාන කර ඇති අනෙකුත් උත්සව සාමාන්‍ය පරිදි පැවැත්වෙනු ඇති.

අවස්ථාවක් ලද හොත් ඉතා සුලු වශයෙන් හෝ ගිණි කෙළි සංදර්ශනයක් පැවැත්වීමට උත්සාහ දරන බවද Northern Territory බළධාරීන් සඳහන් කලා.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »