වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පවත්වාගෙන යනු ලබන සියලූම පී සී ආර් පරීක්ෂණ සායන සහ ජංගම එන්නත් සේවා අද සිට වසා දැමෙනවා.
අද දිනයේදීත් සියලූම වික්ටෝරියානුවන්ට ඕනෑම රජයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 02 ක් නොමිළයේ ලබා ගත හැකියි.
කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සතියට වඩා මේ සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අඩු අගයක් ගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මේ සතියේදී කොවිඩ් ආසාදිතයින් 16,568 ක් සහ මරණ 69 ක් සටහන් වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
නව අවුරුදු සැමරුම් සඳහා යන විට හැකි සෑම විටම කොවිඩ් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි බලධාරීන් ජනතාවට දන්වා සිටින්නේ.
බාහිර හෝ හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශවල සැමරුම් සංවිධාන කිරීමට හැකි සෑම විටම කටයුතු කරන ලෙසයි ජනතාවට උපදෙස් දී ඇත්තේ.