Search

2023 පිළිගැනීමට ඔස්ටේ්‍රලියානුවන් සූදානම්

තවත් පැය කිහිපයකින් උදාවන 2023 නව වසර පිළිගැනීමට ඔස්ටේ්‍රලියානුවන් සූදානම් වනවා.

මෙවරත් ප්‍රධාන ගිණි කෙළි සංදර්ශනය සිඩ්නි වරාය පාලම අසළ පැවැත්වෙන අතර රාත්‍රී 09 ට එය ආරම්භවීමට නියමිතයි.

ඔපෙරා රගහල – සිඩ්නි වරාය පාලම අවට ස්ථාන 184 ක සිට ගිණිකෙළි මුදා හැරෙනු ඇති.

ගිණිකෙළි සංදර්ශන හොඳින් නැරඹිය හැකි ස්ථානවල ප්‍රවෙශපත්‍ර ඩොලර් 500 ක පමණ මුදලකට දැනටමත් අලෙවි කර අවසන්.

මෙල්බන් නගරයේ Treasury Gardens, Flagstaff Gardens, Docklands Celebration Zone & Marvel Stadium යන ස්ථානවල ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙන අතර රාත්‍රී 09.30 සිට එම උත්සව ආරම්භ වනු ඇති.

මීට සමගාමීව අනෙකුත් ප්‍රාන්තවල ප්‍රධාන නගරවලද ගිණිකෙළි සංදර්ශන සහ නව වසර උදාව පිළිගැනීමේ උත්සව සංවිධාන කර තිබෙනවා.

බ්‍රිස්බන් නුවර ගිණි කෙළි සංදර්ශන රාත්‍රී 08.30 ට ආරම්භවීමට නියමිතයි.

ඇඩිලේඩ් නුවර නව වසර උදාවේ සංදර්ශන පස්වරු 06 ට ආරම්භ කෙරෙන අතර ගිණි කෙළි සහ ආලෝක ධාරා සංදර්ශන රාත්‍රී 09.30 සිට පැවැත්වෙනු ඇති.

පර්ත් – හෝබාට් – ඩාර්වින් සහ කැන්බරා යන නගරවල නව අවුරුදු උදාවේ සංදර්ශන එක් එක් නගරයේ වේලාවෙන් රාත්‍රී 09 ත් 09.30 ත් අතර ආරම්භවීමටයි සැළසුම් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් වසර 20කට ක්‍රිකට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More »