වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පැය 12 ක් පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

MELBOURNE

නව වසර උදාවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පොදු ප්‍රවාහන සේවා නොමිළයේ භාවිත කිරීමට අද දිනයේදී අවස්ථාව ලබාදී තිබෙනවා.

ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය බෙන් කැරොල් සඳහන් කලේ අද (31) පස්වරු 06 සිට හෙට (ජනවාරි පළමුවනදා) අලුයම 06 දක්වා කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව පොදු ප්‍රවාහන සේවා භාවිත කල හැකි බවයි.

ගිණිකෙලි සංදර්ශන නැරඹීම සඳහා මෙල්බන් නගරය වෙත විශාල පිරිසක් පැමිණෙනු ඇති බවට තක්සේරු කර මෙම අවස්ථාව සළසා දෙන බවත් ඔවුන් සඳහා අමතර ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගෙන ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කර සිටිනවා.

නව වසර උදාවේ ගිණිකෙළි සංදර්ශන නැරඹීමට අද පස්වරුවේ මෙල්බන් CBD වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන සංඛ්‍යාව ලක්ෂ 05 ක් පමණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මෙල්බන් නගරයේ ගිණි කෙළි සංදර්ශන රාත්‍රී 09.30 ට ආරම්භ වන අතර එහි උච්චතම අවස්ථාව මධ්‍යම රාත්‍රියටයි යෙදී ඇත්තේ.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »