Search

එක් එක් නගරයේ ගිණි කෙළි සංදර්ශන ඇරඹෙන වේලාවන් මෙන්න

නව වසර උදාවේ ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රධාන නගරවල ගිණි කෙළි සංදර්ශන පැවැත්වෙන ස්ථාන සහ ආරම්භවන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවරත් එහි ප්‍රමුඛ ස්ථානය සිඩ්නි නගරයට හිමිවී ඇති අතර වරාය පාලම අසළ සංදර්ශනය රාත්‍රී 09 ට ආරම්භ වනවා.

මුදල් ගෙවා ස්ථාන වෙන් කරවා ගැනීම් සියල්ල මේ වනවිට අලෙවි වී ඇති බව සඳහන්.

මෙල්බන් නගරයේ ගිණි කෙළි සංදර්ශන රාත්‍රී 09.30 ට ආරම්භ වන අතර එහි උච්චතම අවස්ථාව මධ්‍යම රාත්‍රියටයි යෙදී ඇත්තේ.

බ්‍රිස්බන් නුවර ගිණි කෙළි සංදර්ශන රාත්‍රී 08.30 ට ආරම්භවීමට නියමිතයි.

ඇඩිලේඩ් නුවර නව වසර උදාවේ සංදර්ශන පස්වරු 06 ට ආරම්භ කෙරෙන අතර ගිණි කෙළි සහ ආලෝක ධාරා සංදර්ශන රාත්‍රී 09.30 සිට පැවැත්වෙනු ඇති.

පර්ත් – හෝබාට් – ඩාර්වින් සහ කැන්බරා යන නගරවල නව අවුරුදු උදාවේ සංදර්ශන එක් එක් නගරයේ වේලාවෙන් රාත්‍රී 09 ත් 09.30 ත් අතර ආරම්භවීමටයි සැළසුම් කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »