බ්‍රසීලයට අවස්ථා 03 කදී පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට සමත්වූ ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පේලේ, මියගොස් තිබෙනවා.
සාඕ පාවුලෝ නුවර රෝහලකදී දිවි ගමන නිමා කරන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවුණා.
උදර පිළිකාවකින් පීඩා විඳි පේලේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකුගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍යවරුන් පවසා තිබුණා.
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරදියි.
ඒ අනුව පසුගිය දින කිහිපය පුරා පේලේ රෝහල්ගතව සිටි අතර අවසන් දිනවල පේලේ ගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණා.